• (+94) 091-2297260
  • ganegodamv@gmail.com
previous arrow
next arrow
PlayPause
Slider

ආයුබෝවන් !

 

         ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මනරම් භූමි භාගයක පිහිටා ඇති ගා/ ගණේගොඩ මහා විද්‍යාලය, ඈත අතීතයට හිමිකම් කියන්නකි. 1931 වර්ෂයේ ගණේගොඩ පුරාණ රජමහා විහාරාධිපතිව වැඩවිසූ අපවත් වී වදාළ ගරු කටයුතු පූජ්‍යපාද ගොළුවාමුල්ලේ සුමනානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් පන්සලට අයත් භූමි භාගයක පොල් අතු සෙවිළි කළ කුඩා ගොඩනැගිල්ලක සිසුන් හය දෙනෙකුගෙන් මෙම පාසල ආරම්භ කර ඇත. එදා සිට අද දක්වා මානව හා භෞතික සම්පතින් දියුණුව කරා පා නඟන පාසලේ ගමන් මග ඉතා චිත්තාකර්ශනීය වේ. ගණේගොඩ මහා විද්‍යාලයේ විසි එක් වන විදුහල්පතිවරයා ලෙස වර්තමානයේ කටයුතු කරනු ලබන්නේ ශාස්ත්‍රපති පූජ්‍යපාද  ගොළුවාමුල්ලේ සද්ධාසුමන ස්වාමින් වහන්සේ වන අතර මෙහි ශිෂ්‍ය සංඛ්‍යාව දහසකට ආසන්නය. අතීතයේ පටන් ගුණ නැණ බෙලෙන් සපිරි යහපත් පුරවැසියන් බිහිකරන ගා/ ගණේගොඩ මහා විද්‍යාලය අනාගතයේ ලක් දෙරණ තුල දිදුළන පහන් ටැඹක් වනු ඇත. 

අපගේ දැක්ම

 

දකුණු ලක මහ විදුහල් අතර විශිෂ්ට, ඵලදායී හා ආදර්ශවත් මහ විදුහලක් බවට

අප පාසල පත්කිරීම යි

අපගේ මෙහෙවර

ගුණ නැණ බෙලෙන් හා නිපුණතාවෙන් පිරිපුන් දේශප්‍රේමී, අභිමානවත් දරු පරපුරක් බිහි කිරීම යි

තුන්වන වාර විභාගය අත ලඟ
6, 7, 8
2022. 05.06
10, 11
2022.03.23
Card image cap 01 Oct2020
ගණේගොඩ මහා විද්‍යාලයට මෙවර අ. පො. ස. (සා. පෙළ) විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ නවයක්

ඕ. වී. ජනනි ශෙහාරා දියණිය මෙවර පැවති අ. පො. ස. (සා. පෙළ) විභාගයෙන් විෂයයන් 09 ටම A සාමාර්ථ 09 ක් ලබා ගනිමින් වසර 90 ක දීර්ඝ පාසල් ඉතිහාසයේ පාසලේ නම බබලවන්නට සමත් වූවාය.

 

 

Card image cap 01 Oct2020